Tuesday 7th of July 2026

English Tamil
Advertiesment


බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි රජය ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ ද..?


2026-07-07 1218

 

 - විපක්ෂ නායක ප්‍රශ්න කරයි - 

 

බන්ධනාගාර ගත වී සිරගත වී සිටින පුද්ගලයන් රිමාන්ඩ් බාරයේ හෝ සිරකරුවන් ලෙස සිටියත් ඔවුන් සියල්ල සිටින්නේ රාජ්‍ය භාරයේ නිසා මේ සිරකරුවන් හා රැදවියන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මුලික වගකීම ඇත්තේ ආණ්ඩුවට බව වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටින විට පැවසූ බවත් පසුගිය දින මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව සිදු වු ගැටුමෙන් 26කට අධික පිරිසක් මිය ගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මෙහි සම්පූර්ණ වගකීම රජය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කාර්ය අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණය බන්ධනාගාර තුළ තදබදය අඩු කිරීම සේම පුනරුත්ථාපන කිරීම අයත් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ මුලික අයිතිවාසිකම්වල අනුව කිසිදු තැනැත්තෙකු වදහිංසාවලට හෝ කෘර අමානුෂික හෝ අවමංසහගත සැලකිල්ලට දඩුවමකට යටත් නොකළ යුතුය යන්න සඳහන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පැහැදිලිව ම රජයන් ගණනාවක් තුළ බන්ධනාගාර ක්ෂේත්‍රය මුල් කර ගෙන ඛේදනීය තත්ත්වයන් නිර්මාණය වූ බවත් ඒවා නිසා 76 වසරක ක්‍රමය වෙනස් කරනවා කියා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කියා බන්ධනාගාර ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා වත්මන් රජය සඳහන් බවත් ඒ ආකාරයට 76 වසරක සාපය නැති කර නව ක්‍රමයක් ගෙන ආ බව පැවසුවත් මීගමුවේ සිදු වු දෙයින් මේ ක්‍රමයේ වෙනසක් සිදුව නැති බවට පෙනෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, මීගමුව බන්ධනාගාර⁣යේ සිදු වු සිදුවීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (07) පැවති සභාව කල්තැබීමේ විවාදය අමතමිනි.

බන්ධනාගාර ක්ෂේත්‍රයේ අභියෝග ඇති බවත් 10000කට ඉඩ තිබ්බත් 40000කට ආසන්න පිරිසක් සිටින බවට මාධ්‍ය වාර්තා කරන බවත් රටේ බන්ධනාගාර රැසක් තිබුණත් මේවායේ ප්‍රශ්න සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා සොයා බැලුවාද කියා ගැටලුවක් ඇති බවත් මේ පීඩනය ගැන අවම වශයෙන් සොයා බැලුවාද කියා අවදානම් තක්සේරුවක් කළාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 
මේ රජය මහර වැලිකඩ බන්ධනාගාර සිදුවීම්වලින්වත් පාඩමක් ඉගෙන ගත්තේ නෑ

 

වැලිකඩ මහර බන්ධනාගාර සිදුවීම්වලින් රජය පාඩමක් ඉගෙන ගෙන නැති බවත් තවමත් ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකු පත් කර ගන්න නොහැකි වී ඇති බවත් අවම වශයෙන් අධිකරණ ඇමතිට මරණ ගණන හරියට කියාගන්න බැරි වීම පුදුම සහගත බවත් මේ ගැන සිදුවු පසු මූලික වාර්තාවක් ලබා ගත්තාද කියා සැක සහිත බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

 
මේ සිදුවීමේ දී රජය අසමත්

 

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මනුෂ්‍යත්ව පාදක බන්ධනාගාරයක් හා යුක්ති ගරුක රැදවුම් ජීවිතයක් ගැන කිව්වත් අද 27කට ජීවිත අහිමි වී සිය ගණනක් රෝහල් ගත කර ඇති බවත් ජනාධිපතිවරයා කියන ආකාරයට බන්ධනාගාර ගත කර ඇති අය රාජ්‍ය භාරයේ සිටින නිසා ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන වගකීම ඇත්තේ ආණ්ඩුවට කියන කතාව අධිකරණ අමාත්‍යවරයා පිළිගන්නේද කියා ප්‍රශ්න කරන බවත් මේ සිදු වීමේ දී රජය අසමත් වීම මෙන්ම පොරොන්දු වු ක්‍රමයේ වෙනස පවා සිදු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 
අධිකරණ ඇමතිට මේ ප්‍රශ්න හොයන්න වෙලා නැ - ඔහු බලන්නේ ධිකරණයට බලපෑම් කරන්න

 

හිර ගෙදර ඇතුළේ ආරක්ෂාව තහවුරු කර ගන්න බැරි මේ රජය ලක්ෂ 220 ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ ගැන අහන්න බංකුවක් ගේන්න ඕනිද කියා රජයෙන් අසන බවත් ජාතික ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම ගන්නවා කිව්වත් අද එයත් කරන්න නොහැකි වූ බවත් අධිකරණ ඇමතිවරයා මේ දවස්වල මේවා ගැන හොයනවාට වඩා උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න උත්සාහ කරන බවත් උපරිමාධිකරණවල විනිසුරු පුරප්පාඩු රැසක්ද ඇති බවත් මේවා ගැන හොයන නිසා ඇමතිවරයා⁣ට තමාගේ වගකීම පවා මතක වී ඇති බවත් දැන්වත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment